FAST NEWS

24×7 Around the Globe

වාරණ නිකුත් කළද සයිටම් එරෙහි අන්තරේ අද විදී බසියි..

අධිකරණ වාරණ නිකුත් කළද වාරණය නොතකා අද (25) පැවැත්වීමට නියමීත සයිටම් විරෝධි පාගමනට පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එ අනුව සයිටම් සම්බන්ධයෙන් වු ක්‍රියාමාර්ගයන් රජය විසින් මෙතෙක් නොගැනීමට එරෙහිව පැවැත්වීමට නියමීත මෙම විරෝධතා පාගමන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ඉදිරියෙන් ආරම්භ කර කොළඹ කොටුව දක්වා ගමන් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (25) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතාවට සම්පුර්ණයෙන්ම වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවත් මෙම උද්ඝෝෂණ ආරම්භයේ සිට විසුරුවා හැරීමට කි‍්‍රයා කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මැතිවරණයක් ප‍්‍රකාශයකට පත්කර ඇති අවස්ථාවක පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පෙළපාලි තහනම් බැවින් පොලීසිය එලෙස ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.

DE සිල්වා