FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර සිද්ධිය සම්බන්ධ සී.අයි.ඩී පරික්ෂණ ආරම්භ කෙරේ..

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

එ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂඥ දැනුමක්‌ ඇති නිලධාරීන් පිරිසක්‌ යෙදවීමටද කටයුතු කර ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සියලුම දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිත බවත් කියැවෙයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවත් එම වාර්තාව ඔස්‌සේ මෙම වංචාව සම්බන්ධයෙන් මුල සිටම පුළුල් විමර්ශනයක්‌ නැවත ක්‍රියාත්මක වන බවත් එම ආරංචි මාර්ග පැවැසීය.

DE සිල්වා