FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ දිවයිනට පැමීණෙයි..

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දිවයිනට පැමිණීම හේතුවෙන් පෙරවරු 11.30 සිට සවස 1.00 දක්වා කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ, දෙමටගොඩ,බොරැල්ල නෙළුම් පොකුණ මංසන්ධිය, ලිබර්ටි වටරවුම හා ගාලු පාර දක්වා වාහන ධාවනය විටිනි විට සිමා කෙරෙන බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබුණී.

DE සිල්වා