වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අගොස්තු මස දෙවන දින මධ්‍යම රාත්‍රියේ මෙම වැඩවර්ජනය ආරම්භ කරන බවයි.







