FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවක වර්ජනය අවසන් කෙරේ..

ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජීන් රියදුරන් ඊයේ (23) මධ්‍යම රාත්‍රී ආරම්භ කළ වර්ජනය දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම සමඟ අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

තිරිංග දෝෂ සහිත චීන මැදිරි වලින් සමන්විත දුම්රිය ධාවනය කිරීමේදී සිදුවන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය ඉංජිනේරුවන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රියදුරන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට සාමාන්‍යාධිකාරිවරයා පොරොන්දුවීම හේතුවෙන් වර්ජනය අවසන් කළ බවද එම සංගමය කියයි.

DE සිල්වා්