FAST NEWS

24×7 Around the Globe

මහින්දට හා ගෝඨාට අපරාධ නඩු පැවරීමට නිර්දේශ කෙරේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ නඩු පවරන ලෙස ඊයේ (23) පාර්ලිමේන්තුවේ සභාගතකළ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී (2015) ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු නොතීසිලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස මෙම වාර්තා මගින් නිර්දේශ කර තිබේ.

එසේම රක්නා ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම අදාළ සිදුවීම්වලදී සිදුවූ මුදල් අවභාවිතාවන් සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙසත් එහි සඳහන්.

එමෙන්ම වංචා දූෂණ හා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ සිද්ධි 34ක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසකට එරෙහිව නඩු පවරන ලෙස මෙම කොමිෂන් සභා වාර්තාවේ දක්වා තිබේ.

DE සිල්වා