FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාවේ පිටු අඩු නැති බව ජනපති කියයි..

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමීෂම ලබා දුන් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ ඊයේ (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමින් පැවසීය.

සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බවද ජනාධිපතිවරයා පැවසීය.

එ අනුව ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

DE සිල්වා