FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ..

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ක්‍රියාත්මක වීමට නියමත නිදහස් වෙළඳ ගිවිසුම සඳහා අද (23) කොළඹ ජනාධිපති කාර්යාලයේදි අත්සන් තැබුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකාවේ තෙදින නිළ සංචාරයක සඳහා ඊයේ (22) දිවයිනට පැමීණි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූන් මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර බදු රහිත හා බදු සහන සහිතව ආනයන අපනයන සිදුවන බව සඳහන්.

මෙය සිංගප්පූරුව ද්විපාර්ශ්වීය වශයෙන් සිංගප්පූරුව අතිකර ගත් 13 වැනි නිදහස් වෙළඳ ගිවිසුම වන අතර එමගින් ඔවුන්ට වසරකට ඩොලර් මිලියන 10ක පමණ ඉතිරියක් සිදුවෙන බව ගණන් බලා ඇත බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

DE සිල්වා

DE සිල්වා