යළි ඉඳිකිරීම සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්රශ්න කිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් සභාපති වශයෙන් කටයුතු කළ රාඩා ආයතනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විෂය ක්ෂේත්රය යටතේ පැවති ආයතනයකි.
එම ආයතනය පිහිටුවිමේ මූලික අරමුණ වූයේ 2004 දෙසැම්බර් 26 දිනසිදුවූ සුනාමි ස්වභාවික විපතින් නිවාස සහ දේපළ නැතිවු අයට සහන සැපයිමයි.
සුනාමි යළි ඉදිකිරිමේ අරමුදලේ මුදල් වංචා කිරිමේ චෝදනා මත රාඩා ආයතනයේ හිටපු ප්රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය සාලිය වික්රමසූරිය මහතා පොලීස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ටිරාන් අලස් මහතා රාඩා ආයතනයේ සභාපතිව සිටි කාලයේදි ඉහතකී අරමුදලින් වික්රමසූරිය මහතා රුපියල් මිලියන් 169 ක් වංචාකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
රුපියල් 50000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක් බැගින් වූ ඇප දෙකක් මත කොළඹ මහ අධිකරණය විසින් පසුව මුදා හරින ලදි.







