FAST NEWS

24×7 Around the Globe

කොමිෂන් වාර්තා අද පාර්ලිමේන්තුවට..

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතළ වංචා පිළිබඳ අපරාධ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙක අද පස්වරු 1.00 ට රැස්වීමට නියමිත පාර්ලිමේව්තුවට සභාගත කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

එ අනුව අදාළ විමර්ශන වාර්තාවල පිටපත් සියලු මන්ත්‍රීවරුන්ට අද (23) දිනයේ ලබාදීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.

බැදුම්කර විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් විවාදය ගැනීම පිළිබඳ තීරණය හෙට දිනයේ පැවැත්වෙන පක්ෂ නායකයින්ගේ රැස්විමෙන් අනතුරුව ගැනිමට නියමිතව තිබේ.

DE සිල්වා