2017 නොවැම්බර් දක්වා ජීවන අංක වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු. 5967කින් වැඩිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) එම පක්ෂ මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ලේකම්වරයා
“2015 වැටුප් වැඩිවීමෙන් පස්සේ ජීවන අංක දීමනාවට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙලා නැහැ. 2015 පෙබරවාරී මාසයට ජීවන අංකය 108.9 යි. 2017 නොවැම්බර් වන විට ජීවන අංකය 126.4 දක්වා ඒකක 17.5 කින් වැඩිවෙලා තිඛෙනවා. ඒ කියන්නේ බඩුමිල වැඩිවෙලා. ජීවන බර වැඩිවෙලා. නමුත් රාජ්‍ය සේවකයට ජීවත්වෙන්න සිදුවෙලා තිඛෙන්නේ පරණ පඩිපතෙන්මයි. ආණ්ඩුව ගණනය කොට තිඛෙන සංඛ්‍යාව අනුව ජීවන අංකයක මිල රු. 341.00ක් වෙනවා. ඒ අනුව වැඩිවී තිඛෙන 17.5ක ජීවන අංකය වෙනුවෙන් රු. 5967ක වැටුප් වැඩිවීමක් සිදුකළ යුතුයි.
ජිවන වියදම ගෙවන්නේ නැති ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දේ ඉල්ලනවා. පහුගිය කාලේ පුරා අයිතීන් දිනාගත්තේ සටන් කරලා. අපේ රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය නිසා. ඒ නිසා වැඩකරන ජනතාව ඡන්දය ලබාදිය යුත්තේ එවැනි දේශපාලන ව්‍යාපාරයකටයි”
DE සිල්වා








