FAST NEWS

24×7 Around the Globe

මගී බස්‌ රියෑදුරන්ට විශේෂ පුහුණුවක්..

රිය ධාවනය සම්බන්ධයෙන් මගී බස්‌ රියෑදුරන් විශේෂයෙන් ලබාගත යුතු පුහුණුව මෙම වසරේ සිට අනිවාර්යය කිරීම කෙරෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.

එ අනුව පුහුණුව ලැබූ බව තහවුරු කරමින් රියදුරු බලපත්‍රයේ විශේෂ සලකුණක්‌ යෙදීමටද පියවර ගන්නා බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනටමත් බස්‌ රථ රියෑදුරන් 17,000 කට අධික පිරිසක්‌ එම පුහුණුව සඳහා යොමුවී ඇති බවත් ,පුහුණුව ලබාගත් බවට රියෑදුරු බලපත්‍රයේ සටහන් නොවන රියෑදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට සැලසුම් කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළයැම හේතුවෙන් එම පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව කියයි.

DE සිල්වා