FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පැමිණිලි හා නීති උල්ලංඝනය කිරීම් 275ක්..

2017.12.09 වැනි දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 275ක් වාර්තා වී තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ පැමිණිලි 191ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 84ක් වාර්තා වී තිබේ.

එසේම මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 55ක් වේ.

පහරදී තුවාල සිදුකිරීම, බැණ තර්ජනය කිරීම හා බියගැන්වීම්, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම්, ඡන්ද නාමලේඛන සම්බන්ධව, පෝස්ටර් කටවුට් හා දේපලවලට අලාභ හැකි සිදු කිරීම, ද්‍රව්‍ය, මුදල් හා උපකරණ බෙදීම, ඡන්ද පෝස්ටර් සන්තකයේ තබාගැනීම යනාදී හේතු යටතේ මෙම පැමිණිලි ලැබී ඇති බව පොලිසීය පවසයි.

DE සිල්වා