FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මීල පහතට..

ඇමරිකානු තෙල් සංචිත ඉහළ යාමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටීමක් දක්නට ලැබෙන බව විදෙස් ආර්ථික මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල පසුගිය සඳුදා ඇමරිකානු ඩොලර් 70 යි ශත 37ක් ලෙස සටහන් වූ අතර, සති අන්තය වනවිට ඩොලර් 68 යි ශත 61 දක්වා පහත වැටී තිබේ..

එ අනුව බ්‍රෙන්ට් බොර තෙල් මිල සියයට 1.8 කින් මෙලෙස පහත වැටී ඇති බවත්, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිලද සියයට 1.5 කින් පහත වැටි ඇති බවත් එම වාර්තා පවසයි.