FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දය හෙට සහ 25 -26..

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථානවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (22) දිනයේ සිදුකිරීමට නියමිතව බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංකා ගමනාගමන මණ්ඩල කාර්යාල, ආරක්ෂක හමුදා කදවුරු සහ වෙනත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විටත් අදාළ ආයතන වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.