යාපනය සරසවියේ ඊයේ (18) රාත්රියේ කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය පවසයි.
යාපනය සරසවියේ කලාපීඨයේ සිසුන් 8කට දින නියමයක් නොමැතිව පංති තහනම් කිරීමත් සමග මෙම ගැටුම ඇතිව තිබෙන බවත් පැවසේ.
එසේම එම සරසවියේ කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ සහ තුන්වැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර යාපනය පරමේස්වරන් මන්සන්ධියේ ඇති වූ බහින්බස් වීමක් දුරදග යාමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන අතර අදාල ගැටීම සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු විසින් අද (19) දින උදෑසන පැමිණිල්ලක් දැමු බවද කෝපායි පොලීසිය වැඩි දුරටත් කියයි.
DE සිල්වා








