වව්නියාවේ ප්‍රදේශ කීපයක් ඩෙංගු අවධානම් සහිත රතු කලාප වශයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබේ.
වව්නියාව හා සෙට්ටිකුලම් යන පළාත්වලින් ඩෙංගු උණ රෝගය වැළදුණු පුද්ගලයින් 69 දෙනෙකු ජනවාරි මාසයේ පසුගිය දින 16 ය ඇතුළතදී හමුවීමත් සමග මෙම නම් කිරීම සිදු කර තිබේ.
ඩෙංගු උණ රෝගීන් වැඩි වශයෙන් හමු වූ ප්‍රදේශවලින් එම අවධානම් රතු කලාප නම් කොට ඇති අතර එම පළාත්වල ඩෙංගු මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය නිලධාරීන් හා ස්වෙච්ඡා සංවිධාන වල සේවකයින් 200 කට වැඩි පිරිසක් යවා ඇති බව වාර්තා වේ.
DE සිල්වා








