FAST NEWS

24×7 Around the Globe

උතුරු හා නැගෙනහිර එකාබද්ධ කිරීමට ඉඩ නොදෙන බව ඇමති රිෂාඩ් කියයි..

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කවදාවත් උතුරු හා නැගෙනහිර එකාබද්ධ කිරීමට ඉඩ නොදෙන බවත් සියලු කුමන්ත්‍රණයන්ට එරෙහිව සටන් කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (18) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණු කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා..

“කවදාවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒ කුම්නත්‍රණ වලට එරෙහිව අපි සටන් කරනවා. ත්‍රස්තවාදී නායකයා එදා සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර පළාත්වලින් එලවලා දැම්මා.ජනතාව අවුරුදු ගානක් දුක් වින්දා. අවුරුදු 20 කට පමණ පසුව දුක් විඳපු ඒ ජනතාව නැවත පදිංචියට ගියාම දකුණේ ඇතම් කණ්ඩායම් අදටත් විවිධ චෝදනා කරන්න පටන් ගෙන තියනවා. ඒ හැම කෙනෙකුටම උත්තරයක් අපි මේ මැතිවරණයෙන් දීල පෙන්නනවා.

DE සිල්වා