FAST NEWS

24×7 Around the Globe

කොටහේන හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත දක්වා මාර්ගය වැසෙයි..

කොළඹ කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා (රාමනාදන් මාවත) මාර්ගයේ අලුතින් ජලනල එලීම සඳහා අද (19) රාත්‍රී 9.00 සිට 22 වැනි දා උදෑසන 5.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කරයි.

මීට විකල්ප මාර්ග වශයෙන් පිටකොටුව කොච්චිකඩේ දෙස සිට පැමිණෙන වාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර්.ද සිල්වා මාවතේ ගමන් කර බ්ලුමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලුමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ ශාන්ත ජේම්ස් මාවතට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකිය.

මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ ශාන්ත ජේම්ස් මාවතෙන් බෝධිය හන්දිය ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගයේ ජෝර්ජ් ආර්.ද සිල්වා මාවත හන්දියට පැමිණ ජෝර්ජ් ආර්.ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හන්දියට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

DE සිල්වා