FAST NEWS

24×7 Around the Globe

ආසන පටි, වායු බැලූන නොමැති වාහන ආනයනය ජුලි 01 සිට තහනම්..

2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ලෙස ඉදිරිපත් වු ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කෙරේ.

මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුදු වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමන ලදී.

ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS)) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වේ.

මෙම යෝජනාවට යටත් කරනු ලබන වාහන මාදිලි සහ විස්තර අදාළ ආයතනයන් වෙතින් නුදුරේ දී ප්‍රකාශයට පත් කරනු ලැබේ.

DE සිල්වා