FAST NEWS

24×7 Around the Globe

සා:පෙළ විභාගයට නියමීත සිසුන්ට හැදුම්නුපත් අප්‍රේල් සිට…

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පොළ විභාගයට පෙනී සිටිමට නියමීත සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එ අනුව මේ සඳහා අයඳුම්පත සහිත අදාළ චක්‍රලේඛය අපොස සාමාන්‍ය පොළ පංති තිබෙන සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබන සතියේ යැවීමට කටයුතු යොදා ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

සියලු ම විදුහල්පතිවරු චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායාරූප 2018 මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු වෙති.

DE සිල්වා