FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාවද කප්පාදු කරනවා..

ඉහළ දැමූ මූලික වැටුපට සාපේක්ෂව අමතර රාජකාරි දීමනා ලබා නොදෙන බලධාරීන්, වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාවද කපා දමමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ දීමනා මූලික වැටුප් වැඩිවීමට අනුව ඉහළ ගිය බවද , එහෙත් මෙතෙක් වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ දැමීමට කටයුතු නොකළ බවත් එම සංගමය පවසයි.

මේ නිසා දුෂ්කරතාවන්ට පත්ව සිටින වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාවෙන් රුපියල් එක්දහස් පන්සියයක මුදලක් අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් පැවසේ.

සන්නිවේදන දීමනාව ලෙස රුපියල් හාරදහසක මුදලක් හිමි බවත්, මේ අනුව එම මුදල රුපියල් දෙදහස් පන්සිය දක්වා අඩුවන බවත් එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

DE සිල්වා