FAST NEWS

24×7 Around the Globe

විවෘත විශ්ව විද්‍යාලය අසල පිරවුම්ලේ පොම්පවලට සීල් තැබේ..

රාජගිරිය නාවල පාරේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නාමය යටතේ ඉන්ධන බෙදා හරිනු ලබන ඉන්ධන පිරවුම්හලක සියලුම පොම්ප වලට සීල් තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය.

බවුසර් රථයකට ඉන්ධන හලේ පොම්පයකින් භූමිතෙල් පිරවීමේ චෝදනාවක් යටතේ එම සීල් තැබීම සිදුකර තිබේ.

ඉන්ධන හලක පොම්පයකින් බවුසරයකට තෙල් නිකුත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බැවින් මෙම ඉන්ධනහල පරීක්ෂණ අවසන් වන තුරු වසා තැබෙන බවත් පැවසේ.

DE සිල්වා