FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාවෙන් පැන ගිය දසදහසකට වඩා තවමත් නිදැල්ලේ..

යුද හමුදාවෙන් පැන ගිය දසදහසකට ආසන්න සාමාජිකයන් පිරිසක්‌ තවමත් රට පුරා විසිර සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඉන් සුළු පිරිසක්‌ විවිධ අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් යුද හෙතෙම පවසයි.

නිවාඩු නොමැතිව සේවය හැර ගිය යුද හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිසිය හා එක්‌ව අඛණ්‌ඩව ක්‍රියාත්මක බවත් හෙතෙම කීය.

පසුගිය වසරේ ඔක්‌තෝබර් 22 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්‌වා ලබාදුන් පොදු සමා කාලය ඇතුළත යුද හමුදා සෙබළුන් 11,208 ක්‌ද, නිලධාරීන් 15 ක්‌ද, කෙඩෙට්‌ නිලධාරීන් 9 ක්‌ද ඇතුළුව 11,232 දෙනකු යළි භාරවී ඇති අතර, ඉන්පසුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 3825 අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ඔක්‌තෝබර් 22 වැනිදා වනවිට යුද හමුදාව හැර ගොස්‌ සිටි බවට වාර්තා වූ සංඛ්‍යාව 25,000 ක්‌ පමණ වේ.

DE සිල්වා