FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයෝ අද සිටඅඛණ්ඩව වැඩ වරති…

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද (18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඊයේ (16) දිනයේ මෙම විරෝධතාවයෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ නිල කාමරයේ හිර කර තබා ගනිමින් විරොධතාවය පළ කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

ඒ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බවට විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා එල්ල කළහ.