FAST NEWS

24×7 Around the Globe

ජනපති විවේචන නොකරන්නැයි යු.ඇන්.පී මන්ත්‍රීන්ට අගමැතිගෙන් දැඩි අවවාද..

ජනාධිපතිවරයාව විවේචනය නොකරන ලෙස අද (17) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩිව අවවාද කර ඇති බව එම පක්ෂය කියයි.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් පසුගිය අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම ජනාධිපතිවරයාව ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණී.

එසේම මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බවද පැවසේ.

DE සිල්වා