FAST NEWS

24×7 Around the Globe

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රා: ලේකම්වරු වර්ජනයක..

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සේවයට වාර්තා නොකර අද (17) වැඩවර්ජනයක නිරත වෙති.

අලුත්වැඩියා කරන ලද මාර්ගයක් නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා අකුරැස්ස හේනේගම ප්‍රදේශයට ගිය තිලක රත්න මහතාට මෙම ප්‍රහාරය එල්ල විය.

එම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මොවුහු පොලීසියට බලකර සිටිති.

ඊට සම්බන්ධ සැකකරුවකු පොලීසිය විසින් සැක පිට අත් අඩංගුවට ගනු ලැබු නමුත් සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ වර්ජනයේ නිරත මාණ්ඩලික නිලධාරීන් පොලීසියෙන් ඉල්ලා සිටියි.

හිසට තුවාල සිදුව අකුරැස්ස රජයේ රෝහල වෙත ඇතුළත් කර සිටි එම ලේකම්වරයා රෝහලෙන් පිටව ගිය බව එම රෝහල් ප්‍රකාශකයෙතු මාධ්‍ය වෙත පැවසීය.

DE සිල්වා