FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහි විස්වාසභංගය පාර්ලිමේන්තුවට..!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව මේ සතියේදී පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාට බාර දීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව බාර දුන් විශ්වාසභංග යෝජනාවත් තවම හමස් පෙට්ටියේ. ඒ නිසා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් ඊයේ (15) කොළඹ බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රයේදී පැවැති අතර ඊට සහභාගි වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

Deසිල්වා.