FAST NEWS

24×7 Around the Globe

විජේදාසගේ ආරක්ෂාව අඩු කෙරේ..!

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් පස්දෙනෙකු පොලිස්පතිවරයාගේ නියෝගයක් මත ඉවත්කර ඇතැයි වාර්තා වේ..

විජේදාස මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පසු ද ඔහුට පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන් වරයෙකු ඇතුළු පොලිස් කොස්තාපල්වරු සිවුදෙනෙකු ලබාදී තිබිණි.

කෙසේවුවද, අද (15) සිට ඔහුගේ ආරක්ෂාවට ලබාදී ඇත්තේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු පමණක් බවද පැවසේ.

De සිල්වා