FAST NEWS

24×7 Around the Globe

සී.එස්.එන් නාලිකාවට පනවා තිබු තහනමක් ඉවතට..

සීඑස්‌එන් රූපවාහිනී නාලිකා (කාල්ටන් ස්‌පෝර්ට්‌ නෙට්‌ වර්ක්‌ස්‌) ආයතනයට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක්‌ කර ඇති බවට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් කඩුවෙල අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවට අදාළව එම ආයතනය සතු රුපියල් කෝටි ගණනක්‌ වටිනා විකාශන යන්ත්‍ර ඇතුළු විද්යුත් උපකරණ පරිහරණය කිරීම වළක්‌වාලමින් අධිකරණය පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කළ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා එම භාණ්‌ඩ කුලියට හෝ බද්දට දීමට එම ආයතනයට කොන්දේසි සහිතව අවසර ලබාදෙන ලදි.

විනිසුරුවරයා එම අවසරය ලබා දුන්නේ පසුගිය 11 දා සීඑස්‌එන් ආයතනය විසින් කර තිබූ ඉල්ලීමක්‌ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා දැක්‌වූ කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසුවය.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ගොනුකර තිබූ එම නඩුව ඉකුත් 2016 වසර ආරම්භයේ සිට විභාගයට ගනිමින් තිබියදී ආයතනය සතු රුපියල් කෝටියකට අධික වටිනාකමක්‌ ඇති විකාශන යන්ත්‍ර ඇතුළු ඉලෙක්‌ට්‍රොනික්‌ භාණ්‌ඩ බද්දට හෝ කුලියට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණය මගින් වගඋත්තරකාර සමාගමට අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කර තිබිණි.

පසුගිය 12 දා දින අධිකරණයට කැඳවූ එම මෝසමට අදාළ සීඑස්‌එන් ආයතනයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා කරුණු දක්‌වමින් සිය සේවාදායක ආයතනය සතු රුපියල් කෝටි ගණනක්‌ පමණ වටිනා විකාශන යන්ත්‍ර විද්යුත් උපකරණ ඇතුළු භාණ්‌ඩ රැසක්‌ 2016 වසරේ අධිකරණ නියෝගයකට අනුව ආයතනය භාරයේ ප්‍රයෝජනයට නොගෙන තිබෙන බවත් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මේවා කුලියට හෝ බද්දට දීමට ඇති අවස්‌ථා අහිමි වීමෙන් තමන්ට හිමිවිය යුතු ආදායම් මාර්ග අවහිර වී ඇතිවා පමණක්‌ නොව ඒවායේ සේවා කාලයන් ඉකුත්වී දිරාපත්වී යාමට ඉඩ ඇති බවත් පෙන්වා දුන්නේය.

එම නිසා ඉහත කී භාණ්‌ඩවල ආරක්‍ෂාව සම්බන්ධව මතුවී ඇති අවදානම් තත්ත්වයද සැලකිල්ලට ගෙන පෙර පරිදිම ඒවා කුලියට හා බද්දට දීමට ඉඩකඩ ලබා ගැනීමට අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසටද නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සීඑස්‌එන් ආයතනය වෙනුවෙන් දැක්‌වූ ඉහත කී කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇති ලැයිස්‌තුවේ සඳහන් භාණ්‌ඩවලට ලබාදී තිබූ තහනම ඉවත් කරමින් ඒවා කුලියට හෝ බද්දට ලබාදීමට අවසර දුන්නේය.

මේ හැර එම භාණ්‌ඩ පරිහරණයේදී ආයතනයට වැයවන වියදම් අඩුකර ලැබෙන ලාභය අධිකරණයේ තැන්පත් කිරීමේ කොන්දේසියක්‌ද පනවන ලදී.

De සිල්වා