තමන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය භාර ගන්නා විට පාඩු ලබමින් තිබූ ලංකා සතොස, 2017 අවසානය වන විට රුපියල් බිලියන 01 ක් හෙවත් රුපියල් කෝටි 100 ක වාර්තාගත මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කලේය.
මානව සම්පත් දායකත්වය, නාස්තියකින් තොරව, නිවැරදිව, කාර්යක්‍ෂමව හා ඵලදායීව මෙහෙයුම් කටයුතුවලට යොදා ගැනීම නිසාත්, ප්‍රවාහන මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම නිසාත්, අපට රු. බිලියන 2.8 ක් ඉතිරි කර ගැනීමට හැකි වුණා යැයි ද අමාත්‍යවරයා කීය.
මේ වන විට ලංකා සතොස අලෙවිසැල් 400 ක් දිවයින පුරාම විහිදී පවතී. 2018 වසර තුළදී ලංකා සතොස නව අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2018 දී අලෙවිසැල් ජාලය 500 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන පවද හෙතෙම කියයි.
මෙම නව අලෙවිසැල් 100 න්, 25 ක්ම සුපිරි මෙගා අලෙවිසැල් වන බවත්,මෙහි පළමු සුපිරි මෙගා අලෙවිසැල පසුගිය ජනවාරි 05 වන දා වැලිසරදී විවෘත කෙරුණ බවදමෙම සුපිරි මෙගා අලෙවිසැල් සඳහා සතොස සැපයුම්කරුවන්ගේ දායකත්වය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව දැනට පවතින සතොස ජංගම අලෙවි රථ සංඛ්‍යාව 25 සිට 100 දක්වා වැඩි කිරීමට ද මේ වසරේදී බලාපොරොත්තු වේ.
මෙම ජංගම අලෙවි රථ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, ග්‍රාමීය පොළවල්, ජනාකීර්ණ ස්ථාන හා නගර ආදී විවධ ප්‍රදේශවල අලෙවි කටයුතුවල යෙදීමට සැලසුම් කර ඇත.
මීට අමතරව ලංකා සතොස වරලත් අලෙවිසැල් 8000 ක වෙළඳ ජාලයක් පුද්ගලික අංශයේ සිල්ලර වෙළෙඳුන් සමඟ ආරම්භ කිරීමට ද අපේක්‍ෂිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, සතොස සභාපති රිස්වාන් හමීම්, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මොහොමඩ් ෆරාස් සහ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (අලෙවි) ගාමිණි පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
De සිල්වා






