FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ නිල කාලය වසර 05 බව විනිසුරුවෝ කියති..!

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව අවසන් බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි,රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි..

එසේම මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් වන බවත් පැවසේ.

මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා විශේෂ විමසීමක් යොමුකර තිබු අතර පසුගිය බ‍්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ (14)සවස ජනාධිපති කාර්යාලයට බාර දි තිබේ.

De සිල්වා