FAST NEWS

24×7 Around the Globe

කථානායකට එරෙහිව විස්වාසභංගයක්..

කථානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට ඒකාබද්ධ විපක්‌ෂය සැලසුම් කර තිබේ.

මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවන තත්ත්වය දක්‌වා පසුගිය බදාදා සභා ගැබෙහි කලහකාරී තත්ත්වයක්‌ උත්සන්න වූයේ කථානායකවරයාගේ වරදින් බව ඒකාබද්ධ විපක්‌ෂයේ මතය වී තිබේ.

පක්‌ෂ නායක රැස්‌වීමේදී එකඟවන ඇතැම් කාරණා කථානායකවරයා මුලසුනට පැමිණි පසු වෙනස්‌ කරන බවද කී හෙතෙම අපක්‍ෂපාති විය යුතු කථානායකවරයා එක්‌සත් ජාතික පක්‌ෂයට වාසි වන ලෙස පක්‌ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවද
ඒකාබද්ධය කියයි.

DE සිල්වා