FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමීසම වැඩ අල්ලයි…

මහ බැංකු බැදුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් මේ වන විටත් තම කොමිසමට ලැබී ඇති බවත්, එ අනුව එ සම්බන්ධයෙන් මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කොමිසමේ විමර්ශන නිළධාරින් හරහා මෙම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද පැවසේ.

එමෙන්ම මෙම විමර්ශන කටයුතු සඳහා බාහිර පාර්ශව අවශ්‍ය නොවන බවකොමිසමේ විමර්ශන නිළධාරින්ට සහ නීතිඥට විමර්ශන කටයුතු සිදු කළ හැකි බවත් කොමීසම පෙන්වා දී තිබේ.

ඉතා කඩිනමින් මෙම වාර්තාව පිළිබඳ විමර්ශන කටයුතු සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරිමට එම කොමීසම බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් පවසයි.

DE සිල්වා