නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිම සඳහා ලබන 18 වැනිදා වනදා තැපෑලට යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්. එම් . ඒ . එල් . රත්නායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන පෙබරවාරි මස 04 තෙක් සිදු කෙරෙන බවද හෙතම සඳහන් කළේය.
” ඡන්දදායිකයින් වෙත යැවීමට නියමිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ මාසේ 18 වෙනිදා තැපෑලට භාරදීමට නියමිතයි..අදාළ ගෘහයන් වෙත බෙදා හැරීම සඳහා ..එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය හැටියට ජනවාරි මාසේ 28වැනි ඉරිදා යොදාගෙන තිබෙනවා..ඒවගේම පෙබරවාරි මාසේ 04 වෙනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරනවා..විශේෂයෙන්ම මෙම කාලසීමාව තුළ කවෘ හෝ කෙනෙක් නිවසේ රැදී සිට සිටීමෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට සහාය වන්න ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”
DE සිල්වා








