FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ මන්ත්‍රී රංවලට ඇප…

සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කළේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රංවල මහතාට ඇප මත නිදහස් කර තිබේ.

ගෙවල් බිදුම්වලට සම්බන්ධ බවට සැකපිට සපුගස්කන්ද පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ඇප මත  මුදාහරින ලෙස අශෝක රන්වල මහතා ඉල්ලීමක් කර තිබූ අතර කෙසේවෙතත් පොලීසිය එය ප්‍රතික්ෂේප කර  අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඉන් අනතුරුව සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ ඇති අශෝක රන්වල මහතා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට බැණ තර්ජන කර ඇති බවත් ඉන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

DE සිල්වා