FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවෙන් විදෙස් ශ්‍රමිකයන්ට  කෙටිකාලීන වීසා වැඩපිළිවෙලක්

ඕස්ට්‍රේලියාවේ දැනට පවතින 457 ඛාණ්ඩයේ සේවා වීසා වැඩසටහන 2018 වසරේ මාර්තු මස දී අවසන් කර ඒ වෙනුවට කුසලතා සපිරි විදෙස් ශ්‍රමිකයන්ට ඕස්ට්‍රේලියාවේ සේවය සඳහා කුසලතා හිඟය මත පදනම් ව (TSS) දෙවසරක තාවකාලික වීසා ලබා දෙන නව වැඩපිළිවෙලක් ඇරඹීමට එරට සුදානම් වෙයි.

තාවකාලික වීසා  මගින් පැමිණෙන ශ්‍රමිකයනට වසර දෙකක කාලයක් සඳහා ස්ථීර ඉඩ පහසුකම් ලබා දීම සිදු කෙරෙන අතර එය පුනර්ජනනීය වේ. මෙම නව වීසා වැඩපිළිවෙලින් ඕස්ට්‍රේලියාවේ ස්ථිර නේවාසික බව ලබා ගැනීම පිණිස කිසිදු අවස්ථාවක් නොසැලසෙන බවද ඕස්ට්‍රේලියා බලධාරීන් අවධාරණය කරයි. මෙම කෙටිකාලීන වීසා අලුත් කෙරෙනුයේ එක වරක් පමණි.

සේවා පළපුරුද්ද, උසස් ඉංග්‍රීසි භාෂා මට්ටම, ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතා අනුව වීසා ලබා දීම, ඕස්ට්‍රේලියා වැටුප් අනුපාතයනට අනුකූල වැටුප් ලබාදීම ආදී රෙගුලාසිවලට යටත් ව මෙම කුසලතා හිඟය මත පදනම් ව (TSS) දෙවසරක තාවකාලික වීසා ලබා දෙන නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.