අධිකරණ නියෝගය නොතකමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වනවිට තිඹිරිගස්යාය පසුකරමින් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් තිබෙනවා.
ඔවුන් අද දහවල් විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ ශිෂ්‍යන්ගේ පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින්. කෙසේ නමුත් මෙම විරෝධතා පා ගමන වළක්වාලමින් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න අද දහවල් වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි. මැතිවරණ සමයේ මෙවැනි පෙළපාලි යෑම වළක්වන ලෙසයි ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.
—————————————————————————
උද්ඝෝෂණයක් වැළැක්වීමට මාර්ග අංක 176 බස් මාර්ගය වැසෙයි. (update)
නාවල විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට මාර්ග අංක 176 බස් මාර්ගය මෙ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ.
එසේම එම ස්ථානයේ පොලිස් ජල විදින රථ හා විශාල පොලීස් නිළධාරීන් විශාල පිරිස් ස්ථාන ගත කර ඇත.
එ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් අද දින සංවිධානය කර තිබූ උද්ඝෝෂණ පාගමන වළක්වමින් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න අද දහවල් වාරණ නියෝගයක් නිකුත් කළ නියෝගයට අනුවයි.







