FAST NEWS

24×7 Around the Globe

ජ’පුර රෝහලේ වර්ජනය ගැන අද සාකච්ඡාවක්..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද වැඩ වර්ජනය අවසන් කිරීමේ සාකච්ඡාවක් අද (12) දිනයේ ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ඇතුළු පාලනාධිකරිය සමග පැවැත්වෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය වෙත සඳහන් කළහ.

පැමිණීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හඳුන්වා දීමට විරුද්ධව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය මෙ වන විට 09 වන දිනටත් වැඩ වර්ජනයේ නිරත වෙයි.

මේ අතර ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයට සහය පළ කරමින් ජාතික රෝහලේ හා අක්ෂි රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද උදෑසන 7.00ට අවසන් වීමට නියමීත වේ.

DE සිල්වා