FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 8 ක තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට…

පළාත් පාලන මැතිවරණයේ දිස්ත්‍රික්ක 8 ක තැපැල් ඡන්ද පත්‍රිකා අද (12) දිනයේ තැපෑලට භාර දෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

තවත් දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා හෙට භාර දීමට නියමිත බවද එ මහතා සඳහන් කළේය.

එසේම හෙට (13) සිට තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති රජයේ කාර්යාල වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

DE සිල්වා