FAST NEWS

24×7 Around the Globe

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ පැමීණිල්ලේ හා විත්තියේ දේශන පෙබරවාරි 15..

උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාල නඩුවේ පැමිණිලි හා විත්ති පාර්ශවයේ දේශන ලබන පෙවරවාරි මස 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය අද (11) නියෝග කළේය.

නඩුවට අදාල පැමිණිල්ලේ සහ විත්තියේ සියලූ සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් පසුව අධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවාය.

මෙම අපරාධයේ ප‍්‍රධාන විත්තිකාර උමාර් හබිතාබ් නැමැත්තා තවදුරටත් ලබන පෙබරවාරි 15 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමටද මහාධිකරණය නියෝග කළේය.

DE සිල්වා