FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට වත්කම් ප්‍රකාශ භාරදීම 05 දා තෙක්.

මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් බාරදීමට ලබාදී තිබූ කාලය අගෝස්තු 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වත්කම් බැරකම් ලබාදීමේ අවසාන දිනය මේ මස 31 වැනිදා බවට පක්ෂ නිත්‍ය නියෝජිතයන් හා මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබුණත් 31 වැනිදා සහ අගෝස්තු 01, 02 යන දිනයන් හි රජයේ නිවාඩු දිනයන් වීම නිසා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගන්නා දිනය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.