FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ්ගේ ඉල්ලිම මත සිනී ගොවින් සත්‍යග්‍රහයන් අත්හිටුවයි..

උක්ගොවීන්ගේ ගැටලු විසඳන බවට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (10) දහවල් ලබාදුන් ලිඛිත පොරොන්දුව මත සත්‍යග්‍රහ ව්‍යාපාර දෙකම නවතා දැමූ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

ඉල්ලීම් 06 ක් මූලික කර ගනිමින් හිඟුරාන නගරයේ ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයටට අදට දින 78 ක් කුත් සෙවණගල හා පැල්වත්ත ගොවීන් ඒකාබද්ධ වී සෙවණගල ප්‍රදේශයේ  පැවැත් වූ සත්‍යග්‍රහයයට දින 82 කුත් ගත වී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

සිය අස්වැන්නට නියමිත මිලක් හා නියමිත කාලයේදී අස්වැන්න මිලදී ගන්නා ලෙස සහ ප්‍රමීතියෙන් යුත් පොහොර හා බීජ ඉල්ලා හා ලබාදෙන ණය මුදල් වලට අයකරන පොලී මුදල් අඩු කරන ලෙස සහ ඉඩමේ අයිතිය ලබාදෙන ඉල්ලා මෙම සත්‍යග්‍රහ ව්‍යපාරය දියත් කළ බවද හෙතෙම පවසා සිටියේය.

De සිල්වා