රුපියල් මිලියන 1768 ක් වැය කොට නිමකොට ඇති ගණේමුල්ල දුම්රිය මාර්ගය හරහා ඉදිකළ නව ගුවන් පාළම හෙට (11) පෙරවරු 10.00 ට උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත වීමට නියමිතය
.
මාර්ග අංක 223 දරණ කඩවත ගණේමුල්ල බස්මාර්ගය සහ මාර්ග අංක 266/278 දරණ ගණේමුල්ල ජා ඇල බස් මාර්ග හා මාර්ග අංක 276 දරණ ගණේමුල්ල හමා ගම්පහ – කඳාන බස් මාර්ගය යාකෙරෙන මංතීරූ දෙකකින් යුත් මෙම ගුවන් පාලමේ දිග මීටර් 272 කි.
ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙය නිමා කොට ඇත්තේ ස්පාඤ්ඤ සහ දේශීය සමාගම් දෙකක් මඟිනි.
De සිල්වා








