FAST NEWS

24×7 Around the Globe

නලීන් පෙරේරාට එරෙහි නඩුව මැයි 04 තෙක් කල් යයි..

එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපයු බවට මේරියන්ස් නායක නලීන් පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි 4 වැනි දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (10) නියෝග කළේය.

නලීන් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ දිනේෂ් විදානපතිරණ මහතා විරෝධතා ඉදිරිපත් කිරිමට කාලය ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් අධිකරණය එසේ නියම කළේය.

එච්.ආර්.ජෝතිපාල මහතාගේ බිරිඳ සහ දියණියන් විසින් මෙම නඩුව පවරා තිබේ.

DE සිල්වා