FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ධූර කාලය ගැන සළකා බැලිමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරේ..

සිය ජනාධිපති ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සළකා බැලීමට අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර ඇති බව අධිකරණ වාර්තා පවසයි.

එ අනුව මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ,කේ.ටී චිත්‍රසිරි සහ සිසිර ද අබෘ යන විනිසුරුවන්ගෙන් සමන්විත වෙති.

2021 වසර දක්වා තමාට ජනාධීපති ධුරයේ කටයුතු කළ හැකිදැයි යන්න පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදු කළ අතර ,එ අනුව තමා ජනපති ලෙස 2015 වසරේ ජනවාරි 09 දා පත්වූයේ ව්‍යවස්ථාවේ 32 (01) වගන්තිය යටතේ බවත් එතැන් පටන් තමන්ට වසර හයක් ජනපති ධුරයේ කටයුතු කළ හැකිදැයි එමගින් විමසා තිබේ.

එසේම මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස ජනවාරි 14 දා හෝ ඊට ප්‍රථමව දැනුම් දෙන ලෙස ජනපතිවරයා දන්වා ඇත.

එ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විවෘත අධිකරණයේදි හෙට (11) දිනයේ විභාග කිරීමට නියමත බවත් සඳහන් වි තිබුණී.

DE සිල්වා