FAST NEWS

24×7 Around the Globe

එක් කතිරයකට වඩා තිබුනොත් ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපයි…

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාවේ මනාප ඡන්ද සලකුණු කිරීමට කොටසක් නොමැති බැවින් එක් කතිරයක් පමණක් තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ සලකුණු කළයුතු බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

එසේම අදාළ ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවද ,කොළඹ, රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඊයේ (9) පැවැති විශේෂ හමුවේදී හෙතෙම ප්‍රකාශ කළේය.

DE සිල්වා