FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර්වරුන් සිව් දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කෙරේ..

ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් සිව් දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පියවර ගෙන ඇත බව යුධ හමුදා මුලස්ථානය නිවේදනය කර සිටියි.

ඒ අනුව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුරාජ් බන්සජායා, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ , මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් චන්න ඇතිපොළ සහ කුමාර් හේරත් යන බ්‍රිගේඩියර්වරුන් මේජර් ජෙනරාල් ධුරයට මෙලෙස උසස් කර තිබේ.

DE සිල්වා