FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසමට අපහාස කළැයි රවීට නඩු ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති කොමිසමට ප්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව අපහාස නඩුවක් පවරන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය 6 වැනිදා උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා කොමිසම් වාර්තාවේ තිබෙන්නේ ව්‍යාජ කරුණු බව සඳහන් කරමින් එම කොමීසමට අපහාසයක් සිදු කර ඇති බව එම අමාත්‍යවරුන්ගේ මතය වී ඇත.

ෙඑ අනුව මෙම අපහාස කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමද නියමීතව ඇති බව පැවසේ.

DE සිල්වා