කොළඹ නගරය තුළ බත් පැකට් ඇතුළු ඇසුරුම් කරන ලද ආහාරවල මිල ගණන් රුපියල් 20 ත්, 30ත් අතර ප්‍රමාණයකින් ඊයේ (08) සිට ඉහළ ගොස් ඇති බවත් , මෙ හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බවද පාරිභෝගිකයන් පවසයි.
පොලිතින් තහනමත් සමග ඇසුරුම් කරන ලද ආහාරවල මිල ගණන් මෙසේ ඉහළ ගොස් ඇති බව, මෙම මිල වැඩි වීම සම්බන්ධයෙන් ඇතැම් වෙළෙන්දන්ගෙන් සිදුකළ විමසීමේදී ඔවුහු සඳහන් කර සිටියහ.
පොලිතින් තහනම හේතුවෙන් ආහාර පැකැට්ටුවක් සඳහා අතිරේක වශයෙන් රුපියල් 9.50ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ,එහෙයින් මෙම මීල වැඩි විම සිදුව ඇති බවද ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
DE සිල්වා






